BBC News, සිංහල - මුල් පිටුව
ප්‍රධාන පුවත

"දියුණු රටවලට වඩා දර භාවිතා කරන රටවල ජනයාගේ ආයුෂ වැඩියි!"
දියුණු රටවල කාන්තාවන්ගේ ආයුකාලයට වඩා, දරවලින් පිසින ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආයුකාලය ඉහළබව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. මෙහි සත්‍යාසත්‍යතාව කෙසේදැ යි BBCය විමසා බැලීය.
වීඩියෝ, අබාධිත නිසා රැකියාවේ ප්රතික්ෂ්වීම් හමුවේ නොසැලී ජීවිතය ජයගත් ගීතා, ධාවන කාලය 2,50
ශාරීරික දුබලතා සාර්ථකත්වයට ලොකු බාධාවක් නොවන අතර සෑම කෙනෙකුටම සහජ දක්ෂතාවයක් ඇති බව ගීතා පැවසුවාය.
ඉන්දියාවේ කාන්තාවක් තමාටම විවාහවීම දැඩි කතාබහට
සැබෑ මනාලයෙකු හැර, සාම්ප්‍රදායික විවාහ උත්සවයක සියලුම අංගයන් ක්ෂාමා බින්දුගේ විවාහයේ දී දැකගත හැකිවිය.
විදුලි බල මණ්ඩල සභාපති ඉල්ලා අස් වුණේ අදානි ආන්දෝලනය නිසාද?
අදාළ ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළබවට ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සිදුකළ අනාවරණයක් සිදුකළේ ය.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; කොහුවලදී ඇසුණු 'කුස්සියේ විලාපය', ධාවන කාලය 1,26
රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා 'කුස්සියේ විලාපය' ලෙස නම් කළ මේ විරෝධතාවය කොළඹ, කොහුවලදී පැවැත්වුණා.
මන්නාරම සහ පූනරීන්හි සුළංබල ව්‍යාපෘති දියත්කරන ගෞතම් අදානි කවුද?
පසුගිය සැප්තැම්බරයේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩි කොටසක් ගෞතම් අදානිට අයත් විය. නමුත් ඔහු වෙත බොහෝ චෝදනාවන් ද එල්ල වී තිබේ.
වීඩියෝ, පාස්පෝර්ට් ගන්න එන අයට ආගමන විගමන පාලකගෙන් විශේෂ පණිවුඩයක්, ධාවන කාලය 5,52
ඡායාරූප ශාලාවලින් ලබා ගන්නා ඡායාරූප ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට දුෂ්කර වීම මේ දිනවල ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන බොහෝ දෙනෙකු මුහුණපා සිටින ගැටලුවකි.
වීඩියෝ, කොලොම්බියානු වෙරළට ඔබ්බෙන් රන් කාසි සහිත නැව් දෙකක සුන්බුන් සොයා ගැනේ, ධාවන කාලය 0,56
කොලොම්බියාවෙන් රන් කාසි සහිත නැව් සුන්බුන් දෙකක් සොයාගෙන තිබේ. මෙම කෙටි වීඩියෝවේ නැව් දෙකක සුන්බුන් පිළිබඳ ඇසට හසුවන දිය යට දර්ශන සහිතයි.
ඉන්දියාවේ තිරිඟු අපනයන තහනම ලෝකයට බලපාන්නේ කොහොමද?
තිරිඟු අපනයනය නවතා දැමීමට ඉන්දියාව ගත් තීරණය ජාත්‍යන්තර වෙළඳපොළ කම්පනය කර ඇතත්, එයින් විශාල බලපෑමක් ඇති වන්නේ නැතැයි රජය පවසයි.
කොරෝනාවෛරසය: දැනගත යුතු කරුණු
ඔමික්‍රෝන් නව උප ප්‍රභේදය - අනතුරක් පවතියි ද?
ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වැඩි වශයෙන් සම්ප්‍රේෂණය වනබව පෙනේ. නමුත් අප කලබල විය යුතු ද?
එන්නතෙන් ළමා මරණ වළක්වාගත හැකියි - මහාචාර්ය අගම්පොඩි
මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙන්නේ මේ වන විට කොවිඩ්-19 හා සම්බන්ධ ගෝලීය ළමා මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබෙන බව යි.
දිගුකාලීන කොවිඩ්: ස්කෑන් මඟින් සැඟවුණු පෙනහැලි හානියක් පෙන්වයි
රෝගීන් සෙනොන් ස්කෑන් පරීක්ෂණයන්ට ලක්කළ විට පෙනහැලිවල දක්නට ලැබෙන විශාල, අඳුරු ප්‍රදේශයන්ගෙන් පෙනහැලි අසාමාන්‍යතා නිරූපණය වන බව විශ්වාස කෙරේ.
නව කොවිඩ් රැල්ලක් ද? ළමුන් අතර රෝග ව්‍යාප්තියත් ඉහළට
ළමුන් අතර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් ඇති අතර, නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව ද ඉහළ යමින් ඇතැ යි රිජ්වේ ආර්යා ළමා රෝහල කියයි.
ෆයිසර් ගැන එහි ප්රධානියාත් සැකයෙන් ද?
ෆයිසර් සමාගමේ ප්‍රධානියාගේ ප්‍රකාශ විකෘති කරමින්, ඔමික්‍රොන් එන්නත පිළිබඳව නොමඟ යවන ආකාරයේ තොරතුරු පතුරවා ඇත.
බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?
"එන්නත් දෙකක්ග ගැහුවම ඔමික්‍රොන් නිසා රෝහල්ගතවීමේ සම්භාවිතාව 50%කින් අඩුවෙනවා. බූස්ටර් ඩොස් එකක්, ඒ කියන්නේ එන්නත් මාත්‍රා තුනක්, ගැහුවාම වයස 65ට වැඩි අය රෝහල්ගත කිරීමේ සම්භාවිතාව 90%කින් අඩුවෙනවා. 10%ක ප්‍රතිශතයක් තමා තියෙන්නේ රෝහල්ගතවීමට. බූස්ටර් එන්නත ලබා ගත්තොත් රෝහල් පිරීයාම සහ රෝහල්ගතවීම අඩු යි."
ඇතැම් ඉහළ පෙළ ක්‍රීඩකයින් එන්නත ගැනීමට මැලි වන්නේ ඇයි?
ටෙනිස් තරුව නොවාක් ජොකොවිච් වැනි එන්නත් විරෝධී පුද්ගලයින්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා තොරතුරුවලින් මිදී නොමැතිබවයැ යි විශේෂඥයින් පවසයි.
ඔමික්‍රෝන් නිසා සමූහ ප්‍රතිශක්තිය ලබනු ඇති නමුත් විපාක විඳිනු ඇති
සෞඛ්‍ය ප්‍රධානී පවසන්නේ ඔමික්‍රොන් මගින් සමූහ ප්‍රතිශක්තියට හේතු විය හැකි නමුත් එන්නත් කිරීම හරහා එය වඩා හොඳින් ලබාගත හැකි වනු ඇති බවයි.
ඕමික්‍රෝන් ප්‍රභේදය සිතාගත නොහැකි වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතිනවා
වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව ඕමික්‍රෝන් ආසාදිතයින්ට රෝහල් ප්‍රතිකාර අවශ්‍යවීමේ අවදානම 30 - 70% දක්වා අඩු විය හැකි ය.
ඔමික්‍රෝන් හා සටනට එන්නත් මාත්‍රා තුනක්
එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳීම නැවැත්වීමට කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව යි.
විශේෂාංග
විදුලිබල සංශෝධන පනත සම්මතවීමෙන් ඇති බලපෑම මොකක්ද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ වසර 9කට පසු පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය සඳහා වන සංශෝධනය අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවයි. එය ආයෝජකයින් සඳහා නව මංපෙත් විවර කරනු ඇති අතර ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණි හේතුව මන්ත්‍රීධුරයෙන් සමුගනිමින් පහදයි
නඩු සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් වීමට තමාට හැකි වූ බවත්, මහින්ද රාජපක්ෂ යළි ජනතාව පිළිගන්නා නායකයෙකු ලෙස බලයට ගෙන ඒමට හැකි වූ බවත් බැසිල් රාජපක්ෂ කියා සිටියේ ය.
රන්ජන් රාමනායකට, ප්‍රසන්න රණතුංගට හා විරෝධතා කරුවෙකුට ලබාදුන් නඩු තීන්දු ගැන ඔබ දන්නවාද?
තමා වරදකරු බවට රාමනායක පසුගිය නඩු දිනයේදී ප්‍රකාශ කර තිබුණේ ඊට පෙර තමන් නිවැරදිකරු බවට අධිකරණය හමුවේ ලබාදුන් විත්තිවාචකය ඉල්ලා අස් කර ගනිමින්ය.
වීඩියෝ, ආර්ථිකය ; ''ඉන්ධන සහ ගෑස් ඉදිරි සති තුනේ දුෂ්කරයි. පරිස්සමින් පාවිච්චි කරන්න.'', ධාවන කාලය 10,51
ඉන්ධන සහ ගෑස් බෙදාහැරීම ඉදිරි සති තුනේ දුෂ්කර බැවින් අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක් ඒවා අරපිරිමස්මෙන් භාවිත කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (ජුනි 07) ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
එරෝෆ්ලොට් ගුවන්යානයට පැනවූ වාරණය අත්හිටුවීමෙන් අර්බුදය අවසන් වෙයිද ?
"මේක මේ වෙලාවේ අපේ තියෙන ආර්ථික තත්ත්වයට ගොඩක් ලොකු තර්ජනයක්. ඔවුන් ඉස්සරහට හොඳ සම්බන්ධතාවයක් තියාගන්න එකක් නැහැ. අපි රුසියාවෙන් තෙල් ගන්න ඩොලර් මිලියන 500ක ක්‍රෙඩිට් ලයින් එකක් ඉල්ල ලා තියෙනවා ඊළඟ මාසේ. ණයට තෙල් ගන්න. ඒකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ තත්ත්වය."
වෙඩිතැබීම්වල ඉලක්කය මත්ද්‍රව්‍ය නඩුවල සාක්ෂිකරුවන් ද?
ජුනි 04 දා සවස අහංගම පංචාලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් දික්වැල්ලේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මියගියේ ය. ඔහු "හරක් කටා" නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස වාර්තා වන බවට පොලිසිය පවසයි.
මල්වාන නඩුවෙන් බැසිල් - තිරුකුමාර් නිදහස් වුණේ ඇයි?
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට හා තිරුකුමාර් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණේ මල්වාන, මාපිටගම ප්‍රදේශයෙන් අක්කර 16 ක විශාලවූ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් හා නාන තටාකයක් ඉදිකර ගොවිපලක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ අධි චෝදනා තුනක් යටතේයි.
ගොවීන් යල කන්නය අත්හරින ලකුණු - සාගතයක් අත ළඟ
වගකිවයුතු සහ වගවිය යුතු පිරිස් මෙය තමන් විසින් ඇතිකළ අර්බුදයක් නොවන බව පුනපුණා පවසමින් වගකීමෙන් කර ඇරීමට උත්සාහ කළත්, මේ වන විට කෘෂි කර්මාන්තයට සිදුවිය යුතු විනාශය සිදුව ඇතැ යි විද්වත්හු පෙන්වා දෙති.
ඔබට බලපාන නව බදු සංශෝධන මොනවාදැ යි ඔබ දැනුවත් ද?
මෙරටට ආනයනය කරන භාණ්ඩ රැසක් මත පනවන ආනයන බද්ද, වැට් බද්ද හා, රේගු බදු මත අධිභාරය ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත. ජුනි 1 දා රාත්‍රියේ සිට නව බද්දක් යටතේ, රේගු බදු මත අධිභාරය 15% සිට 200% දක්වා වැඩිකෙරෙනු ඇත.
මහින්ද රාජපක්ෂ ආර්ථිකයට දැක්වූ දායකත්වය ප්‍රස්ථාර 7කින්
මහින්දගේ අගමැති ධුරකාලය තුළ ඔහුගේ ආර්ථික දායකත්වය නිර්ණය කිරීම සඳහා, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, උද්ධමනය, ප්‍රේෂණ, වෙළඳ හිඟය, සංචාරක ඉපැයීම්, සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැනි ප්‍රධාන දර්ශක කිහිපයක් BBCය සමාලෝචනය කළේ ය.
ඇමෙරිකාවේ ගිනිඅවි සංස්කෘතිය ප්‍රස්ථාර සතකින්
ගිනිඅවි ප්‍රචණ්ඩත්වයෙන් ඇතිකරන "මහා විනාශය" මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපදය ප්‍රහාරක මාදිලියේ ආයුධ (ඇසෝල්ට්-ස්ටයිල් වෙපන්ස්) සහ අධිධාරිතාවෙන් යුත් මැගසින තහනම් කළ යුතුබව ජනාධිපති ජෝ බයිඩන් පසුගිය දා ප්‍රකාශ කළේ ය.
සාමාන්‍ය දුරකථන ආරෝපණ කේබලය සඳහා යුරෝපා සංගමය දින නියම කරයි
අතේ ගෙන යා හැකි සියලුම ඉලෙක්ට්‍රෝනික උපාංග 2024 අවසන් කාර්තුව වන විට තනි USB Type-C ආකාරයේ කේබල් භාවිතා කළ යුතු බවට යුරෝපා සංගමය තාවකාලිකව එකඟ වී ඇත.
ඩෙප්-හර්ඩ් නඩු විභාගය: තීන්දුවෙන් පසු පිළිතුරු ලැබුණු ප්‍රශ්න තුනක්
ඇම්බර් හර්ඩ්ට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ද? ඇය සහ ඩෙප්ගේ වටිනාකම කොපමණ ද? දණ්ඩනීය සහ හානිපූරක වන්දි යනු මොනවාද?
හැරී කුමරු සහ මේගන් ජුබිලි උත්සවවල දී අවධානයක් නොලබා සිටීමේ උත්සාහයක
සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය, රැජිණගේ ප්ලැටිනම් ජුබිලිය සැමරුම් උත්සවයේ පළමු දිනයේ දී කිසිවෙකුගේ වැඩි අවධානයක් නොලබා සිටීමට උත්සාහ දරන ආකාරයක් දක්නට ලැබිණි.
ටෙක්සාස් වෙඩි තැබීම: එක්සත් ජනපද පාසල් සිසුන්ට එල්ලවන බලපෑම කෙබඳු ද?
ඇමරිකා එක්සත් ජනපදය පාසල් වෙඩි තැබීම් පිළිබඳ කණගාටුදායක ඉතිහාසයක් ඇති රටක් මුත්, එවැනි සිදුවිමක උණුසුම මාධ්‍යවලින් බැහැර වූ පසු එරට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නොවේ.
ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් නඩුවේ වැදගත් අවස්ථා පෙළගැස්මක්
ජොනී ඩෙප්ට ජයග්‍රහණය හිමිකර දෙමින් ඊයේ (ජුනි 1) මෙම නඩුව අවසන් වූ අතර, ඔහුට වූ අපහාසය සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 15ක් ගෙවීමට නියම විය.
වීඩියෝ, "අපි සමාජයට අභියෝගයක් උනා", ධාවන කාලය 3,40
මෙම කණ්ඩායම වෙනස් කොට සැලකීමට සහ මරණ තර්ජනවලට පවා මුහුණ දී ඇති නමුත් නීති විරෝධී පතල් කැණීම්, වන කොල්ලකරුවන් සහ ග්‍රාමීය ප්රජාවන්ගේ දෛනික ජීවිතය පිළිබඳ සම්මානයට පාත්‍ර වී ඇති ප්රවෘත්ති නිෂ්පාදනය කිරීම දක්වා බොහෝ දුරක් පැමිණ තිබේ.
පරිශීලක දත්ත විකිණූ Twitter ඩොලර් මිලියන 150ක දඩකයි
ෆෙඩරල් විමර්ශකයින් පවසන්නේ සමාජ මාධ්‍ය සමාගම දැන්වීම්කරුවන්ට පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත ලබා දී, පුද්ගලිකත්වය සම්බන්ධ නීති කඩ කළ බව යි.
KK: ශ්‍රී ලාංකිකයින්ගේ ද නොමඳ ආදරය දිනූ ගායකයා අභාවප්‍රාප්ත වෙයි
පනස් තෙහැවිරිදි ගායකයා කල්කටා නගරයේ සෙනග පිරුණු ප්‍රසංගයක ගී ගැයීමෙන් පැය කිහිපයකට පසු කාලක්‍රියා කළේ ය.
ෂාරුක්ගේ පුත්‍රයාට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා ඉවතට
මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය ආර්යන් ඛාන් නඩුව ඉවත දැමුවේ, ඔහු සතුව තිබී "මත්ද්‍රව්‍ය කිසිවක් සොයාගෙන නැතැ"යි පවසමිනි.
වීඩියෝ, පරිසරය ; දෙහිවල 'ව්යාඝ්ර බබාලාගේ' දවස ගෙවෙන අයුරු, ධාවන කාලය 1,59
දෙහිවල සත්ත්වෝද්‍යානයේ උපත ලද බෙංගාලි ව්යාඝ්ර පැටවුන් තිදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බව පශු වෛද්‍යවරු පවසති.
ආර්ථික අර්බුදය හමුවේ සත්වෝද්‍යාන වසා දැමිය යුතුද?
වනාන්තරවල සිටින වන සතුන්ට කෙසේ හෝ ආහාර සොයාගැනීමට හැකි වුවත්, නගරයක් මැද කූඩුවල හා කොටුවූ පරිසරයක දිවි ගෙවන සතුන්ට ආහාර හිඟවීම කෙතරම් ඛේදනීය ද?
වීඩියෝ, පරිසරය ; සිංහරාජයට අලුත් තර්ජනයක්. මේ ගැන ඔබ දන්නවාද?, ධාවන කාලය 4,05
ශ්‍රී ලංකාවේ වෙනත් පරිසරයක මොනරු වැඩිවීමට වඩා සිංහරාජයේ මොනරු වැඩිවීම ජෛව විවිධත්වයට තර්ජනයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පක්ෂි විද්‍යාඥ සම්පත් සෙනවිරත්න බිබීසීයට පැවසුවේය.
වීඩියෝ, ආර්ථික අර්බුදය ; ''ග්‍රෑම් 250 ගාණ කියන්නේ බඩු ගන්න එන අයට හාර්ට් ඇටෑක් හැදෙයි කියලා බයට.'', ධාවන කාලය 9,49
අද ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට සතියකට ආහාර සඳහා පමණක් යන අවම වියදම දළ වශයෙන් කොපමණ වේදැයි බීබීසිය සොයා බලන ලදී.
වීඩියෝ, රැජිණ දුටු ඇඳහිය නොහැකි වෙනස්කම්, ධාවන කාලය 4,11
දෙවන එලිසබෙත් රැජිණ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වෙනත් කිසිම රජෙකුට හෝ රැජිණකට වඩා වැඩි කාලයක් එරට පාලනය කර ඇති අතර දීර්ඝතම කාලයක් රජ කිරුළ දරා සිටි ලොව තුන්වැන්නා බවට ද පත්වේ.
රැජින: 'චාරිත්‍රානුකූල බව පිටුපස විනෝදය' පෙන්වන දර්ශන
නව BBC වාර්තා චිත්‍රපටයක් මගින් රැජිනගේ මුල් ජීවිතය, ඇගේ මව ඇයව ප්‍රෑම් එකක තබා තල්ලු කිරීමේ සිට 1953 දී ඇයගේ කිරීටය දක්වා විවිධ අවස්තා පෙන්වයි. 96 හැවිරිදි ඇය පවසන්නේ ඔවුන්ගේ ජිවිතයේ "වටිනා පවුල් අවස්ථා" ග්‍රහණය කර ගන්නා නිසා ඇය නිවසේ ගත් වීඩියෝ වලට ප්‍රිය කරන බවයි.
වීඩියෝ, ශ්‍රී ලංකාව ; ''බිරිඳ හැකියාවක් දක්වන රැකියාවට යෑමට සැමියා ඉඩ ලබා දියයුතුයි.'', ධාවන කාලය 2,51
බිරිඳ හැකියාවක් දක්වන රැකියාවට යෑමට සැමියා ඉඩ ලබා දියයුතු බව ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ධාවනය කරන ප්‍රථම සහ එකම කාන්තව වන ලක්ෂි සජින්තා පවසන්නීය.
වීඩියෝ, 'තෙල් පෝලිම් නොතිබුනා නම් මගේ පුතා අදත් ජීවතුන් අතර', ධාවන කාලය 4,15
විදෙස් සංචිත හිඟ වීම සහ ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලංකාව තුළ ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතී.
වීඩියෝ, තරුණයන්ගේ සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් රට ගොඩගන්නා සැලැස්මක් රනිල් කියයි, ධාවන කාලය 9,59
ආණ්ඩුවේ විෂයන් බෙදා ඒවා අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කාරක සභා 10ක් සහ මුල්‍ය කාරක සභා පහක් පත්කර ඒවායේ සභාපති ධූර පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබා දීමට සහ එම කාරක සභා 15ට තරුණ නියෝජිතයන් සිවුදෙනෙකු නම් කිරීමට යෝජනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
වීඩියෝ, ''#GOTAGOHOME'' ; ''ගෝටයි රනිලුයි එකතු වෙලා කරන්න යන්නෙත් එකම දේ.'', ධාවන කාලය 2,19
ගාලු මුවදොර 'ගෝටා ගෝ ගම' අරගලය ආරම්භ කර අදට දින 47කි.
දැක්ම
වීඩියෝ, මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි, ධාවන කාලය 15,08
"මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා."
රට ගොඩගන්න ඉදිරිපත් කළ IMF නිර්දේශ පහ මෙන්න
ඉහළ යන උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය බව IMF පවසයි.
කොත්තුවට පේටන්ට් අයිතිය ගතහැකි ද?
කොත්තු සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් BBCය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයෙන් විමසීමක් කරනු ලැබීය.
රට ආර්ථික අගාධයෙන් ගොඩ ගන්න මහ බැංකුවෙන් යෝජනා 08ක්
රටේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා වන මහ බැංකුව රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය වෙනස්කිරීමට අදාල නිර්දේශ රාශියක් ඉදිරිපත් කෙරිණ.
යුක්රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?
යුක්රේනයේ යුද ගැටුම ශ්‍රී ලංකාවට ද කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් එල්ල කරනු ඇතැ යි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.
'හමුදා බුද්ධි අංශය ප්‍රහාරයට කලින් සහරාන් කල්ලිය ගැන දැන සිටියා'
සහරාන් සිටින ස්ථානය සොයාගැනීම සඳහා සහාය වන ලෙස CID විසින් නැවත නැවතත් ඉල්ලීම් කළ ද, අබ්දුල් ලතීෆ් ජමීල්ගේ අනන්‍යතාව, NTJහි ඔහුගේ භූමිකාව, සහ යන එන තැන් පිළිබඳ පූර්ව දැනුමකින් සිටි හමුදා බුද්ධි අංශය CIDය සමග එම තොරතුරු බෙදානොගත් බව ද ශානි අබේසේකරගේ පෙත්සමේ දැක්වේ.
පාස්කු ඉරිදා නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කළේ ඇයි?
නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව වීම විශේෂත්වයකි.
“අධිභාර බද්ද වැඩකරන ජනතාව මංකොල්ලකෑමක්”
මෙම බද්ද මඟින්, සේවක අර්ථසාධක අරමුදලෙන් පමණක් රුපියල් බිලියන 65ක් ඉවත්කර ගැනීමට රජයට අවස්ථාව ලැබෙනු ඇතැ යි විචාරකයෝ පෙන්වා දෙති.
සත්කුනනාදන්ගේ ප්‍රකාශයෙන් ලංකාවට GSP + අහිමිවෙයි ද?
නීතිඥ අම්බිකා යෝජනා කරන්නේ, ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට බැඳී සිටිතැ යි තහවුරු කිරීම සඳහා GSP+ වෙළඳ සම්බාධක දැඩිසේ භාවිතා කළ යුතු බව යි.
'සෙක්ෂුවල් හැරස්මන්ට්': රෑටත් Text පණිවුඩ එවන ලොක්කෝ
ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත ට්විටර් හි සටහන් තැබීමත් සමගය.
චීන තානාපතිට ඇතුල්වීම තහනම්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීමකට චීන තානාපති සෙන්ග් සේගුවාන්ග් සහභාගිවීමට නියමිතව තිබුණි.
අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 දී පෘථිවියට කඩාවැටුමට නියමිත යි
ISS විශ්‍රාම ගැන්වීමේ සැලැස්ම, පෘථිවියේ පහළ කක්ෂයේ ක්‍රියාකාරකම් වාණිජ්‍ය අංශයට පැවරීම සලකුණු කරනබව NASA පවසයි.
පරිසරය සුරැකීම සඳහා ජීවන රටාව වෙනස්කළ මිනිස්සු
මෙම පුද්ගලයින් පරිසරය සුරැකීමට සහාය දීම සඳහා සිය ජීවිත සහ රැකියා විශාල ලෙස වෙනස්කර ඇති අතර, තමා ඒ කිසිවක් ගැන පසුතැවෙන්නේ නැති බව BBC වෙත පවසා ඇත.
පකිස්ථානයේ මැර පිරිසක් දේව අපහාස කළැයි චෝදනා ලැබූ තවත් අයෙක් ඝාතනය කරයි
කුරානයට අපහාස කළැයි චෝදනාවට ලක්වූ පුද්ගලයකු මරා දැමීමෙන් පසු ඛානේවාල්හිදී පුද්ගලයන් 80කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිති.
යුක්රේන-රුසියානු අර්බුදය සහ මාධ්‍ය යුද්ධය
රුසියානු සහ යුක්රේන මාධ්‍ය ඔවුන්ගේ රටවල් අතර අර්බුදය නිරූපණය කරන්නේ මෙසේ යි.
ලොව පළමුවරට HIV ආසාදිත කාන්තාවක් වෛරසයෙන් මිදෙයි
මෙම සිද්ධිය HIV සඳහා ප්‍රතිකාරයක් සොයාගත හැකි බව තහවුරු කරනවා වගේම HIV සුව කරන්න ජාන චිකිත්සාව සාර්ථක උපාය මාර්ගයක් බවට තවදුරටත් ඔප්පු කරනවා
නියැන්ඩර්තාල්වරුන් වඳවගොස් ඇත්තේ සංහාරයකින් නොවේ
අප්‍රිකාවෙන් පැමිණි නූතන මානවයන්, නියැන්ඩර්තාල් මානවයන් මිහිපිටින් අතුගා දැමූ බවට වන අදහස්වලට නව ෆොසිල සාධකවලින් අභියෝග එල්ලවෙයි.
අවිනිශ්චිතතාව මැද දිවි ගෙවන යුක්රේනියානුවෝ
බෙදුම්වාදීන් යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශ අත්පත්කර ගැනීම හේතුවෙන් 2014 දී සිටම යුක්රේනියානුවන් යුද්ධය සමග දිවිගෙවූ නමුත්, මෑතක දී රුසියාව එම භීතිය අලුත්කරලීය. යුක්රේන ජාතිකයන් තිදෙනෙකු BBC සමග කියා සිටියේ ඔවුන් යුද්ධය සමග එදිනෙදා ජීවිතය ගත කළ ආකාරය යි.
බ්‍රැඩ් පිට් මිදි වත්තක් නිසා ඇන්ජලිනා ජොලීට එරෙහිව නඩු පවරයි
බ්‍රැඩ් පිට් සහ ජොලී 2008 දී දකුණු ප්‍රංශයේ නිවසක් සහ මිදි වත්තකින් සමන්විත චැටෝ මිරාවල් මිල දී ගත්හ.
රැන්සම්වෙයාවල ආදායමෙන් 74%ක්ම රුසියානු හැකර්වරුන්ට
ක්‍රිප්ටෝ-මුදල් පර්යේෂකයන් පවසන්නේ ඩොලර් මිලියන 400කට වඩා වැඩි සයිබර් අපරාධ අරමුදල් රුසියානු කල්ලි වෙත යන බව යි.

